ixj¾Ok mqj;a


Posted on 2023-08-22


මහපල්ලේගම විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්

ආණ්ඩුකාර නිල මෙහෙවර වැඩසටහන යටතේ කෑගල්ල මහපල්ලේගම සේනානායක විද්‍යාලයේ ඉදිකළ සුහුරු ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය අද (2023/08/22) සිසු අයිතියට පත්කරන ලදි.

මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය නවීනතම ලැප්ටොප් 40 ක් සහ SAMART BOARD දෙකකින්ද සමන්විතය . මේ සදහා සබරගමු පළාත් අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක GEM ව්‍යාපෘතිය යටතේ මිලියන 15 කට අධික මුදලක් දරා ඇත.