ixj¾Ok mqj;a


Posted on 2022-10-07


කැන්දල්ඔය දෙමළ විද්‍යාලයට පොත් අපේ නෙත් - Bus Library

පොත් අපේ නෙත් - Bus Library 25 වැන්න යටියන්තොට කැන්දල්ඔය දෙමළ විද්‍යාලය දී අද (2022/10/07) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් සිසු අයිතියට පත් කරනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුයේ අතිශය දුෂ්කර පාසල් කේන්ද්‍ර කරගනිමින් මෙම බස් පුස්තකාල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කල බවය. මේ සදහා මනුසත් දෙරණ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, පුස්තකාල සේවා මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර ඇත. ධාවනයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංගම බස් රථ භාවිත කර පුස්තකාලයක් ලෙස සකස් කර ඊට අවශ්‍ය උපකරණ සහ පොත් මෙයට එක් කර ඇත.

මීට පෙර ඇහැලියගොඩ විජය කුමාරතුංග මහා විද්‍යාලයේ ද මෙවැනි පුස්තකාලයක් විවෘත කරනු ලැබීය. මෙම විද්‍යාලයේ විදුහල්පති එම්.කරුණාහරන් මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ අපි වහල්ලු නාට්‍ය ද මෙහිදී රග දක්වනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුජානි විජේතුංග, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ, ජේෂ්ඨ සහකාර ලේකම් රවීන්ද්‍රා මාලනී,සහකාර ලේකම් මනෝරි ගුණවර්ධන,පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ඩයස් පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ නිහාල් වසන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.