ixj¾Ok mqj;a


Posted on 2022-12-21


සබරගමුවේ පාසල් 21 කට නවීන තාක්ෂණයෙන් යුත් සුහුරු පංති කාමර

සබරගමු පළාතේ පාසල් විසි එකක සුහුරු පංති කාමර තිහක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (2022/12/21) සදහන් කළේය.

ඒ මහතා මේ බව සදහන් කළේ එදින (21) මෙනේරිපිටිය සබරගමුව අධ්‍යාපන, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති දැනුවත් කිරීමේ සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිණි. සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඉංග්‍රීසි ගණිත ක්‍රියාකාරකම් වලට අදාලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මේ යටතේ පාසල් 21 ක් සදහා ලැප්ටොප් වර්ගයේ පරිගණක 800ක් ඇතුළු සෙසු උපකරණ ප්‍රදානය කිරීමක් ද මෙදින (21) සිදු විය.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානී විජේතුංග,පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,ප්‍රධාන ගණකාධිකාරී මොහොමඩ් අලි,නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක,පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි ,නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අන්සාෆ් තවුෆ්, පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය වෙනුවෙන් ඉංජිනේරු කසුන් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.