wOHdmk mqj;a


Posted on 2021-03-03


සබරගමුවේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයේ

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ 05 ශ්‍රේණියේ ලකුණු 200 ගත් සිසුන් ඇතුළු ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උළෙලක් පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම ඇගයීමේ උත්සවය රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙවර දිවයිනේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ගත් දරුවන් 10 දෙනාගෙන් දෙදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව ඇත. ඒ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පී.කේ. දොවිඳු චිරන්දිත් පෙරමුණේ සහ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්.සෙනුදි ධම්සරා දරුවන් දෙදෙනාය. මීට අමතරව ලකුණු 198 සහ ඊට ඉහල ලකුණු ලබා ගත්, පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ එම්. වයි. බිමන්සා ලින්දවත්ත අලව්ව ශාරිපුත්‍ර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පී. සවින්දි ජයන්ජන පතිරණ බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ එම්.එම්. මිනුල මෙත්සර ධර්මදාස අලගම මැදගම විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. කවිඳු හර්ෂණ දසනායක සහ ශාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයේ කේ.පී.ජී. රිෂිනි හිරන්යා ප්‍රේමරත්න යන දරුවන්ද මෙහිදී ඇගයීමට ලක් විය. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්ල කුණු 195 ට වඩා ලබා ගත් සබරගමු පළාතේ සිසුන් ගණන 49 කි. එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය සබරගමු පළාත විසින් හිමි කර ගෙන ඇත. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.