ixj¾Ok mqj;a


Posted on 2023-11-30


පාසල් සිසු තත්ත්ව කව (SSQCS - 2023) සිව්වන ජාතික සමුළුව

පාසල් සිසු තත්ත්ව කව (SSQCS - 2023) සිව්වන ජාතික සමුළුව

පාසල් සිසු තත්ත්ව කව (SSQCS - 2023) සිව්වන ජාතික සමුළුව තෙදිනක් පුරාවට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු අතර එහි අවසන් දින ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර අධිනිතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2023/11/30) පැවැත්විණ.

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය පිළිබඳ ජගත් සමුළුව සහ සබරගමුව සිසු තත්ව කව සම්මේලනය එක්ව සංවිධානය කල මෙම සමුළුව සහ තරඟාවලිය මෙම මස 28, 29 සහ 30 යන තෙදින පුරා රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලේ දී පැවැත්විණි.
සිද්ධි අධ්‍යනය, දේශීය සහ විදේශීය ජනශ්‍රැත හා ජනකතා ආශ්‍රිත හාස්‍යෝත්පාදන කෙටි නාට්‍ය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සිසු ගුරු පර්යේෂණ පත්‍රිකා, වැඩමුළු, විවාද තරඟාවලි, වීදි නාට්‍ය, ආදර්ශයන් ඇතුළත් චිත්‍ර තරඟ, සබරගමු උඩරට පහතරට නර්ථන තරඟාවලි, ප්‍රශ්න විචාරක තරඟ මෙහිදී පැවැත්විණ .

මෙම අවස්ථාව සදහා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය ,සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි සහ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් යේ ජයග්‍රහණය ලද දුවා දරුවන්,ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු තවත් පිරිසක් සහභාගි විය.