ixj¾Ok mqj;a


Posted on 2022-06-06


බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයෙන් ගෙවතු වගා පුහුණුවක්

ගෙවතු වගාව පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022.06.05 දින බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

ප්‍රායෝගික ගෙවතු වගා ක්‍රම, කාබනික දියර පොහොර නිෂ්පාදනය, ශාක බද්ධ කිරීම, තවාන් සකසා ගැනීම පිළිබඳව මූලික පුහුණුවක් ප්‍රදේශවාසී ජනතාවට නොමිලේ ලබා දීම එහිදී සිදු විය.

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ට පිළියමක් ලෙස ජනතාව වඩ වඩාත් ගෙවතු වගාව සම්බන්ධයෙන් උනන්දු කරවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දෙන ආයතනයක් වශයෙන් බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය ආයතන වල නිළධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක් ඉදිරියේ දී ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර තිබේ.