wOHdmk mqj;a


Posted on 2023-04-16


සබරගමුව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය

සබරගමුව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය මාවනැල්ල අළුත් නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දී අද (2023/04/16) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානි ආර් විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු එක්ව සිටියේය.සබරගමුව පළාත් සභාව වෙනුවෙන් සබරගමු පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ හා පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.