wOHdmk mqj;a


Posted on 2023-04-17


සබරගමු පළාත් ඉෆ්තාර් උත්සවය

සබරගමු පළාත් ඉෆ්තාර් උත්සවය

සබරගමු පළාත් ඉෆ්තාර් උත්සවය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (2023/04/17) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සබරගමු පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කර තිබූ ප්‍රථම පළාත් ඉෆ්තාර් උත්සවය මෙය වේ. මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ 2023 වර්ෂයේ අප්‍රේල් මාසය මෙරට සිටින සියළුම ආගම් අදහන බැතිමතුන්ට සුවිශේෂී වන බවයි. කිතුනු බැතිමතුන් මෙම මාසයේ 7 වන දින මහ සිකුරාදා දිනයත්, බෞද්ධ හා හින්දු බැතිමතුන් 14 වන දින සිංහල දෙමළ අලුත් අවුරුද්දත්, ඉස්ලාම් බැතිමතුන් මෙම මස 22 වන දින රාමසාන් උත්සවය සැමරීමත් ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්, ආගමිකයන් එක මිටකට එක් කිරීමට සමත් වන බව ද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙම ඉෆ්තාල් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන යෙහියා එම්. ඉෆ්ලාර් හා නිහාල් ෆාරුක්, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, සබරගමු පළාත් ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.