wOHdmk mqj;a


Posted on 2023-02-28


අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023/02/28) රත්නපුර සබරගමුව පළාත් සභාවේ පිහිටි පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙහිදී පසුගිය වසරේ හා නව වසරේ පලාත් අමාත්‍යාංශය ,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,පූර්ව ළමාවිය අධිකාරිය,මෙනේරිපිටිය හා අටලුගම පුහුණු මධ්‍යස්ථාන යන ආයතන වල කාර්‍යසාධනය හා නව ඉල්ලක්ක පිළිබදව අවධානය යොමු විය.

මේ අවස්ථාව සදහා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය,ආණ්ඩුකාර ලේකම්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ක්‍රමසම්පාදන හා මූල්‍ය කළමනාකරණ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය. ඊට අමතරව පළාත් අමාත්‍යාංශයේ ලේකම් සුජානි ආර් විජේතුංග මහත්මිය ඇතුළු සියලු මාණ්ඩලික නිලධාරීන් හා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ W.A.S.P.K ඩයස් මහතා ඇතුළු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාහී විය.