wOHdmk mqj;a


Posted on 2022-12-12


2022-APICTA Awards රන් සම්මානය සබරගමුවට

ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-APICTA Awards හෙවත් The OSCAR OF ICT යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ජාත්‍යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගෙන ඇත. සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වර්ෂ 2017 සිට ක්‍රියාත්මක කල අධ්‍යාපන ක්ෂේත්‍රයේ දත්ත පද්ධතිය හා මෘදුකාංගය පද්ධතිය (Education Management Information System - සිප්තතු) සඳහා මෙම රන් සම්මානය දිනා ගනු ලැබීය.

මෙම තරගාවලියේ දී Digital Government යටතේ රාජ්‍ය පුරවැසි සේවා සැපයුම් යන කාණ්ඩය ට තරඟ වැදී මෙම රන් සම්මානය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගෙන ඇත.

2022-APICTA Awards හෙවත් The OSCAR OF ICT සම්මානය දිනා ගත් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වර්ෂ 2017 සිට ක්‍රියාත්මක කල අධ්‍යාපන ක්ෂේත්‍රය දත්ත පද්ධතිය හා මෘදුකාංගය (Education Management Information System) සිප්තතු දත්ත පද්ධතිය තුළින් සබරගමු පළාතේ පාසල් 1120 ගුරුවරුන් විදුහල්පති ගේ සහ නිලධාරින් 30,000 කගේ දත්ත ඇතුලත්ය. ඒ අනුව ඔවුන්ගේ ස්ථාන මාරුවීම්, තුලනය, වාර්ෂික ස්ථාන මාරුවීම්, අනියුක්ත කිරීම්, තොරතුරු ලැයිස්තු ලබා දීම හා කාර්යය මණ්ඩල නියාමනය මෙම සිප් තතු පද්ධතිය හරහා අන්තර්ජාලය යටතේ ක්‍රියාත්මක කිරීමට හැකියාව හිමිවේ.

මේ සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මඟ පෙන්වීම මෙන්ම ඇගයීම ද සිදු විය. ඒ සඳහා දායකත්වය ලබා දී ඇත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අන්සාෆ් තවූස් හා ලක්මාල් එරන්ද සහ ගුරුභවතුන් වන අනුරාධ පතිරණ හා ප්‍රසාද් චාමර යන ගුරු භවතුන් ඇතුළු පිරිසකි.

ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-APICTA Awards හෙවත් The OSCAR OF ICT යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ජාත්‍යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගත් නිලධාරින් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අන්සාෆ් තවූස් ලක්මාල් එරන්ද හා ගුරු සේවයේ අනුරාධ පතිරණ මහත්වරු පසුගිය දා (12) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් පිළිගැනීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,ප්‍රධාන ගණකාධිකාරී මොහොමඩ් අලි,නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක,පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙනුවෙන් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු,විෂය භාර අධ්‍යක්ෂවරු ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.