wOHdmk mqj;a


Posted on 2022-08-14


ලංකාවේ විශිෂ්ඨතම වෙබ් අඩවිය 2022

LK Domain Registry විසින් BestWeb.lk තරඟාවලිය 2009 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන අතර එය මෙවර පවත්වනු ලබූයේ දොළොස්වන වරටය. BestWeb.lk යනු ශ්‍රී ලංකාවේ වෙබ් පැවැත්ම ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට සුවිශේෂී අවස්ථාවක් සපයන වෙබ් පාදක තරඟයකි. තරඟයට සහභාගිවන්නන් නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික ප්‍රමිතිය යන දෙකම මත විනිශ්චය කරනු ලැබේ.

මෙහි රාජ්‍ය අංශය නියෝජනය කරමින් තරඟ වැදුනු www.enenapiyasa.lk හෙවත් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දුරස්ථ අධ්‍යාපන හෙහෙවර මෙවර සම්මානිත වෙබ් අඩවියක් ලෙස නම් වීමේ පුවත මෙසේ සතුටින් සනිටුහන් කරන්නෙමු.

පළාත් නවයකින් එකක් නියෝජනය කරමින් අතිශය ස්වේච්ඡා සේවයක නිරතවෙමින්, නව්‍ය සංකල්ප හඹායමින්, නවීන තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදවල පෙරගමන්කරුවා වෙමින්, දැයේ දූ දරුවන් වෙත අධ්‍යාපනය අඛන්ඩව පවත්වාගෙන යාමට අතිශය දුෂ්කර අවස්ථාවල පවා පාසල් විධිමත් අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය කළ enenapiyasa; සමස්ථ රාජ්‍ය සේවයේ පවතින ක්‍රියාකාරී වෙබ් අඩවි රාශියක් අතර සම්මානිත වෙබ් අඩවියක් බවට පත්වීම සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලෙස අපි වඩාත් සතුටු වන්නෙමු...

මෙම සුවිශේෂී සම්මානය ලබාගැනීම වෙනුවෙන් සංකල්පීය වශයෙන් හා තාක්ෂණික වශයෙන් සහය දැක්වූ සැම දෙනා ද, අප වෙනුවෙන් මනාපය පළ කළා වූ සියළු දෙනා ද, enenapiyasa ට එක් පාඩමක් හෝ සකසා දුන්- එක් පාඩමක් හෝ නැරඹීමට පැමිණී-එක් පාඩමක් හෝ වෙනත් අයට බැලීමට share කළ ඔබ සියළු දෙනා ද, enenapiyasa මගින් දියත් කළ විෂය සමගාමී විවිධ වැඩසටහන් වලට සහභාගී වූ ඔබ සියළු දෙනාද, එසේම කිසියම් හෝ කරුණකට www.enenapiyasa.lk වෙබ් අඩවියට පිවිසි ඔබ සියළු දෙනා ද මේ ජයග්‍රහණයේ කොටස් කරුවන් වෙත්.. ඒ වෙනුවෙන් අපගේ ගෞරවාන්විත ස්තූතිය ඔබ සියළු දෙනා වෙත පුද කරමු....

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව