wOHdmk mqj;a


Posted on 2022-04-07


සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් සීට්ටුව

2022 වර්ෂයට අදාල සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළත් නැකැත් සීට්ටුව චාරිත්‍රානුකුල ව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත පිළිගැන්වීම අද (07) පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය.

මෙම නැකත් සීට්ටුවෙහි නිවැරදි සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා වේලාවන් අඩංගු වන අතර මෙය සම්ප්‍රදානුකූල ව ප්‍රරාණයේ සිට පැවත එන චාරිත්‍රයක් වේ. මීට අමතරව අලුත් සහල් මංගල්‍යයට අදාල ව අලුත් සහල් මංජුසාව පිරිනැමීම ද මෙහිදී සිදුවිය. මෙය සබරගමුව පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතා ,ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර , අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානි විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් ද, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල මහත්මිය , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා , ක්‍රම්සම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.