wOHdmk mqj;a


Posted on 2024-02-22


පළමු ශ්‍රේණිය සඳහා දරුවන් බඳවා ගැනීම

විශ්වය දිනන දරු පිරිසක් අපේ රටට දායාද කරමු" යන තේමාව යටතේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් බඳවා ගැනීම - 2024 සබරගමුව පළාතේ පළමු වසර සඳහා දරුවන් භාර ගැනීමේ නිල උත්සවය අද (2024/02/22) කෑගල්ල දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වුණි.

මීට සමගාමීව රුපියල් මිලියන 6 ක ආසන්න වියදමින් ඉදිකල විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ දෙවන අදියර ද මෙදින (2024/02/22) සිසු අයිතියට පවරනු ලැබීය. මෙදින (2024/02/22) පළමු වසරට බඳවා ගනු ලැබූ සිසුන් හතලිස් හතර දෙනා සඳහා පාසල් උපකරණ කට්ටල ද, ගුරු භවතුන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය ද සිදු විය.

මෙදින රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල් 549 ක් සඳහා ප්‍රථම වසරට දරු දැරියන් 29, 580 ක් ( විසි නම දහස් පන්සිය අසූවක් ) ඇතුළත් කර ගනු ලැබීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක, නුවර එළිය දිස්ත්‍රික්ක මායිමේ දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇත.