දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව 2026.11.20 සිට සියලුම පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කරන ලද සම්මුඛ පරීක්ෂණයේදී; ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සෑම පළාතකම පැවැත්වෙන සෑම ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලයක් සඳහාම පාහේ ඇතුළත් කර ඇත.
අද දින එකී සේවාවන්ට අයත් ඇතැම් නිලධාරීන් හා සංගම් කිහිපයක් “රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව” විසින් 2026.11.20 සිකුරාදා දින සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් එදින සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි / නොහැකි බව නිශ්චිතව නොදැක්වීම හේතුවෙන් අයදුම්කරුවන් එදිනට පැමිණීම මත යම් අපහසුතාවයකට පත්විය හැකි බව නිරීක්ෂණය වීම සලකා 2026.11.20 දින පැවැත්වීමට සැලසුම් කරන ලද සම්මුඛ පරීක්ෂණ පමණක් පහත පරිදි කල්දමන බව කාරුණිකව දැනුම්දෙමි.
| පළාත | නව දිනය |
|---|---|
| බස්නාහිර | 2026.11.29 |
| උතුර | 2026.11.28 |
| වයඹ | 2026.11.29 |
| මධ්‍යම | 2026.12.01 |
| ඌව | 2026.11.26 |
| දකුණ | 2026.11.28 |
| නැගෙනහිර | 2026.11.28 |
| සබරගමුව | 2026.11.28 |
| උතුරු මැද | 2026.11.26 |
තවද එකී පළාත් හි 2026.11.21 දින සිට ඉදිරියට පැවැත්වීමට සැලසුම් කළ සම්මුඛ පරීක්ෂණ පූර්ව සැලසුම් කළ පරිදිම පැවැත්වේ.
තවද, සම්මුඛ පරීක්ෂණවලට අදාළව කැඳවීම් ලිපිය සමඟ යොමු කළ නිවේදනය අනුව පාසල් සඳහා මනාපය පළ කිරීම සඳහා තොරතුරු ඇතුළත් කිරීමේ මාර්ගගත පද්ධතිය මේ වන විට සකස් කර ඇත. එයට 2026.11.19 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ Teacher Rrecruitment Application System ප්‍රදර්ශනය කරනු ලබයි. ඔබ වෙත පෙර දැනුම් දුන් පරිදි 2026.11.19 දිනෙන් මෙම මාර්ගගත පද්ධතිය අවලංගු නොවන අතර, එය වෙත අයදුම්කරුට තමා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන දිනයේ රාත්‍රී 8.00 දක්වා පිවිසීමට අවස්ථාව සලසා දී ඇත.
ඔබට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලිපිය සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන දින වනවිටත් ලැබී නොමැති නම් මෙම වෙබ් අඩවියෙහි 2026.10.30 දින ප්‍රදර්ශනය කරන ලද නාම ලේඛනයේ ඔබගේ නම ඇතුළත් පිටුවෙහි පිටපතක් සමඟ තම අනන්‍යතාවය තහවුරු කරන ලේඛන සමඟ සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පවතින Waiting Room වෙත තමා සම්මුඛ පරීක්ෂණයට කැඳවූ දිනයේ උදෑසනින් පැමිණෙන ලෙසත්, එහිදී මාර්ගගත පද්ධතිය පිවිසීමට අදාළ අවසර ලබා ගැනීමට උදෑසන 8.00 සිට කටයුතු සලසා ඇත.
ඒ අනුව ලබා දෙන ලද උපදෙස් පරිදි මාර්ගගත පද්ධතියට පිවිසෙන අතරතුර, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට හැකිය. එවැනි අයදුම්කරුවන්ට සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට ද ඉදිරිපත් වූ පසු, සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පවතින Waiting Room වෙත එදිනම රාත්‍රී 8 දක්වා පැමිණ පාසල් මනාප පළ කළ ලේඛන මුද්‍රණය කර භාරදීමටද පහසුකම් සලසා ඇති බවද දන්වා සිටිමි.
මෙම කටයුතු හේතුවෙන් අයදුම්කරුවන් හට සිදුවී ඇති අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි.
නාලක කලුවැව
ලේකම්
නිවේදනය