ප්‍රසම්පාදන දැන්වීමයි
අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 24 ක් , පාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන ( RECURRENT ) යටතේ කර්මාන්ත 04 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
01.මෙම කර්මාන්ත ලේඛනය හා වැඩි විස්තර www.sg.gov.lk වෙබ් අඩවියතුල ඇති ටෙන්ඩර් දැන්වීම් වෙබ් පිටුව වෙත පිවිස හෝ www.moe.sg.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් පිටුවට පිවිස ලබාගත හැකිය.
02. ඉහත වැඩසටහන් සදහා ලංසු කැදවීම, ජාතික තරගකාරී ලංසු කැදවීම අනුව සිදුකරනු ලැබේ. ඒ ඒ කර්මාන්තය යටතේ ඉදිරිපත්වන ලංසුකරුවන් එහි සදහන් CIDA ලියාපදිංචි ශ්‍රේණිවලට අයත්වන ලංසු විවෘතකරන දිනට ලියාපදිංචිය වලංගුවන ලංසු කරුවන් විය යුතුය.
03. ඉහත කර්මාන්තයන්ට අදාළ ප්‍රසම්පාදන ලේඛන 2026.03.17 දින සිට 2026.03.30 දින දක්වා, සතියේ වැඩ කරන දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අදාල ගාස්තු ගෙවීමෙන් පසු නිකුත්කරනු ලැබේ.මෙම ප්‍රසම්පාදන ලේඛන මෙම දිනවලදී කාර්යාල වේලාවන්තුල මෙම අමාත්‍යාංශයේදී නොමිලේ පරික්ෂාකර බැලිය හැකිය.
04. සියලුම ලංසුකරුවන් එක් එක් ඉදිකිරීම් සදහා එම කර්මාන්ත ඉදිරියෙන් සදහන් ලංසු සුරක්ෂණ වටිනාකමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි,පිළිගත් වාණිජ බැංකුවකින් 2026.03.31 දින සිට 2026.08.02 දින දක්වා වලංගුවන පරිදි ලේකම්,අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.සබරගමුව පළාත් සභාව. නව නගරය,රත්නපුර නමින් අදාල කර්මාන්තය නමට ලබාගත් ලංසු සුරක්ෂණයක් හෝ ලංසු සුරක්ෂණ මුදල ලෙස අමාත්‍යාංශ ලේකම් වෙත අදාළ මුදල් තැන්පත් කර ලබා ගත් රිසිට් පත , ලංසුව සමග ලංසු සුරක්ෂණය ලෙස ඉදිරිපත් කළ යුතුය. ලංසු සුරක්ෂණය ඉදිරිපත් කිරීමේ දී මුදල් ගෙවා ලබාගන්නා රිසිට් පතෙහි හෝ ලංසු සුරක්ෂණයෙහි මුල් පිටපත අනිවාරයෙන්ම ඉදිරිපත්කළ යුතුය.
සම්පූර්ණ කරන ලද එම කර්මාන්තයන්ට අදාල ලංසු 2026.03.31 වන දින පෙ.ව.11.00 ට පෙර ලැබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. මිල ගණන් බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ කර්මාන්තයේ නම සඳහන් කළ යුතුය. සෑම ටෙන්ඩරයක් සඳහාම මුල් පිටපත/අනුපිටපත යන්න කවරයේ සඳහන් කර වෙනම කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.
05.ලංසු පත් විවෘත කිරීම 2026.03.31 වන දින පෙ.ව.11.00 ට සිදුකරනු ලබන අතර, ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.
06. මෙම ලංසු කැඳවීම සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුලදි අවශ්‍ය විස්තර අමාත්‍යාංශ කාර්යාලයෙන් දුරකතන අංක 045 -2222542, ෆැක්ස් 045-2228042 සහ ඊමේල් edusabaram@gmail.com මගින් ලබා ගත හැකිය. ටෙන්ඩර් පත් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ භාර ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති සතු වේ.
පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 24 ක් ඉටුකිරීම
|
අනු අංකය |
වැඩ විස්තරය |
විධායක ඉංජිනේරු කාර්යාලය |
ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු. |
ලංසු බැදුම්කර වටිනාකම රු. |
ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණිය |
ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි. |
|
EDS – 01 |
ර/නිවි/දෙලොස්වල දෙමළ විද්‍යාලයේ 30*20 සුහුරු පංති කාමරය ඉදිකිරීම |
කලවාන |
3,000.00 |
60,000.00 |
C-8 සහ ඉහල |
6.08 |
|
EDS – 02 |
ර/හිදැල්ලන දෙමළ විද්‍යාලයේ 40*20 පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම |
රත්නපුර |
3,000.00 |
58,000.00 |
C-8 සහ ඉහල |
5.81 |
|
EDS – 03 |
ර/ධර්මාලෝක මහා විද්‍යාලයේ රැස්වීම්ශාලාව සහ පංති කාමර සහිත 110*35 තෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
පැල්මඩුල්ල |
4,000.00 |
351,000.00 |
C-6 සහ ඉහල |
35.10 |
|
EDS – 04 |
ර/බල/කොන්ගස්තැන්න මහා විද්‍යාලයේ සංඝමිත්ථා ගොඩනැගිල්ලට දිගුවත් ලෙස යෝජිත පුස්තකාලය ඉදිකිරීම |
බලංගොඩ |
3,000.00 |
59,000.00 |
C-8 සහ ඉහල |
5.94 |
|
EDS – 05 |
ර/රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයේ පදනම් කොටස (12.0 මී * 5.75 මී ) විද්‍යාගාරයක් ලෙස ඉදිකිරීම |
රත්නපුර |
3,000.00 |
39,000.00 |
C-8 සහ ඉහල |
3.96 |
|
EDS – 06 |
ර/අයගම රාහුල විද්‍යාලයේ රැස්වීම්ශාලාව සහ පංති කාමර සහිත 70*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල තෙවන අදියර ඉදිකිරීම |
කලවාන |
4,000.00 |
124,000.00 |
C-7 සහ ඉහල |
12.44 |
|
EDS – 07 |
කෑ/දෙහි/කදිරේශන් දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පැති බැම්ම ඉදිකිරීම සහ පස් පිරවීම |
දෙහිඕවිට |
3,000.00 |
54,000.00 |
C-8 සහ ඉහල |
5.47 |
|
EDS – 08 |
කෑ/මාව/පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
58,000.00 |
C-8 සහ ඉහල |
5.78 |
|
EDS – 09 |
ර/දිප්පිටිගල විද්‍යාලයේ පවතින පැල්මඩුල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය නවීකරණය කිරීම හා දිගුවක් ඉදිකිරීම ඉතිරි වැඩ |
පැල්මඩුල්ල |
4,000.00 |
249,000.00 |
C-6 සහ ඉහල |
24.90 |
|
EDS – 10 |
කෑ/මාව/කහවන්දල කණිෂ්ඨ විද්‍යාලයේ 50*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
87,000.00 |
C-7 සහ ඉහල |
8.69 |
|
EDS – 11 |
ර/ගැටහැත්ත දෙමළ විද්‍යාලයේ 90*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
රත්නපුර |
4,000.00 |
138,000.00 |
C-7 සහ ඉහල |
13.85 |
|
EDS – 12 |
කෑ/දෙහි/බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර පුස්තකාල කාමරය ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
61,000.00 |
C-8 සහ ඉහල |
6.10 |
|
EDS – 13 |
කෑ/දෙහි/ගනේපල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර පුස්තකාල කාමරය ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
67,000.00 |
C-8 සහ ඉහල |
6.73 |
|
EDS – 14 |
කෑ/දෙහි/ගෝනගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර සුහුරු පංති කාමරය ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
68,000.00 |
C-8 සහ ඉහල |
6.85 |
|
EDS – 15 |
කෑ/දෙහි/සහිරා මුස්ලිම් විද්‍යාලයේ 90*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
4,000.00 |
154,000.00 |
C-6 සහ ඉහල |
15.43 |
|
EDS – 16 |
ර/ඇඹි/ගොඩකවෙල රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 90*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
පැල්මඩුල්ල |
4,000.00 |
155,000.00 |
C-6 සහ ඉහල |
15.55 |
|
EDS – 17 |
ර/නිවි/එරබද්ද විද්‍යාලයේ 20*25 සුහුරු පංති කාමරය ඉදිකිරීම |
කලවාන |
3,000.00 |
38,000.00 |
C-8 සහ ඉහල |
3.77 |
|
EDS – 18 |
කෑ/මාව/විද්‍යාර්ථ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
56,000.00 |
C-8 සහ ඉහල |
5.60 |
|
EDS – 19 |
කෑ/මල්මඩුව කණිෂ්ඨ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
කෑගල්ල |
3,000.00 |
89,000.00 |
C-7 සහ ඉහල |
8.90 |
|
EDS – 20 |
ර/මාටුවාගල දෙමළ විද්‍යාලයේ 20*20 සුහුරු පංති කාමරය ඉදිකිරීම |
රත්නපුර |
3,000.00 |
39,000.00 |
C-8 සහ ඉහල |
3.92 |
|
EDS – 21 |
කෑ/දෙහි/මුහන්දිරම් කණිෂ්ඨ විද්‍යාලයේ 90*48 දෙමහල් ගොඩනැගිල්ල ඉතිරි වැඩ නිමකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
61,000.00 |
C-8 සහ ඉහල |
6.10 |
|
EDS – 22 |
කෑ/දෙහි/සපුමල්කන්ද දෙමළ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
67,000.00 |
C-8 සහ ඉහල |
6.73 |
|
EDS – 23 |
කෑ/දෙහි/මියනවිට විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
65,000.00 |
C-8 සහ ඉහල |
6.51 |
|
EDS – 24 |
ර/ඇඹි/මුල්ඇඩියාවල මහා විද්‍යාලයේ පාලම ඉදිකිරීම |
ඇඹිලිපිටිය |
3,000.00 |
99,000.00 |
C-7 සහ ඉහල |
9.93 |
පාසල් ගොඩනැගිළි පුනරුත්ථාපන වැඩසටහන යටතේ කර්මාන්ත 04 ක් ක්‍රියාත්මකකිරීම (Recurrent)
|
අනු අංකය |
වැඩ විස්තරය |
විධායක ඉංජිනේරු කාර්යාලය |
ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු. |
ලංසු බැදුම්කර වටිනාකම රු. |
ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණිය |
ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි. |
|
RE– 01 |
ර/පොහොරබාව මහා විද්‍යාලයේ පුස්තකාලය හා රැදවුම් බැම්ම අළුත්වැඩියාකිරීම |
රත්නපුර |
3,000.00 |
50,000.00 |
C-8 සහ ඉහල |
4.98 |
|
RE– 02 |
ර/තලාවිටිය සිරි සමන් විද්‍යාලයේ 90*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල වහල අළුත්වැඩියාකිරීම |
රත්නපුර |
3,000.00 |
76,000.00 |
C-7 සහ ඉහල |
7.65 |
|
RE– 03 |
කෑ/දෙහි/මත්තමගොඩ රත්නාවලී විද්‍යාලයේ කන්නන්ගර ශාලාව (31.1 මී *9.55 මී) අළුත්වැඩියාකිරීම |
දෙහිඕවිට |
4,000.00 |
127,000.00 |
C-7 සහ ඉහල |
12.70 |
|
RE– 04 |
කෑ/මාව/වලල්ගොඩ මහා විද්‍යාලයේ 120*20 ශාලාව අළුත්වැඩියාකිරීම |
රඹුක්කන |
3,000.00 |
54,000.00 |
C-8 සහ ඉහල |
5.43 |
07. සියළුම ලංසු 2026.07.02 දින දක්වා වලංගු විය යුතුය.
08.මෙම සියළු කර්මාන්තයන්ට අදාල පූර්ව ලංසු සාකච්ඡාව 2026.03.23 දින පෙ.ව.10.30 ට සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පවත්වනු ලැබේ. ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.පූර්ව ලංසු සාකච්ඡා තීරණ ඉහත වෙබ් අඩවි දෙක මගින් පමණක් ප්‍රසිද්ධ කරණු ලැබේ.
බී.ඒ.සී.පී.බමුණුආරච්චි
සභාපති
ප්‍රසම්පාදන කමිටුව,
ලේකම්
2026.03.16 අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව,
නව නගරය, රත්නපුර
පුවත්පත් දැන්වීම