අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු වීම් සඳහා
අයදුම්පත් කැදවීම - 2026/2027
සබරගමුව පළාතේ පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී හා අධිසේවක පදනම මත බඳවා ගත් නිලධාරීන්ගෙන් 2027 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ.
02. ඒ අනුව, සබරගමුව පළාත් සභාවට අයත් පාසල්වල 2026.12.31 දිනට එකම පාසලක සේවා කාලය අවුරුදු 08ක් සම්පූර්ණ කරනු ලබන සෑම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් අනිවාර්යෙන් ස්ථාන මාරු ක්‍රියාවලියට යටත් වන අතර සේවා කාලය වසර 05 හෝ ඊට වැඩි නිලධාරීන් ස්ථාන මාරු අයදුම් කළ යුතුය. එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළහොත් සබරගමුව පළාතේ ඕනෑම ස්ථානයකට ස්ථාන මාරු ලැබීමට කැමති සේ සලකා ක්‍රියා කිරීමට සිදුවනු ඇත. එසේම ප්‍රමුඛතාව හිමිවන්නේ වැඩි සේවා කාලයක් හිමි නිලධාරීන්ට වේ.
03. අයදුම්කරුවන් 2026.08.20 දිනට පෙර සිප්තතු දත්ත පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතුය. ස්ථාන මාරු අයදුම්පත්‍රය https://www.samis.lk මඟින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කළ යුතුය.
04. ස්ථානමාරු අයදුම්පත්‍ර මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් භාර ගන්නා අතර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ හා සබරගමුව පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සිප්තතු දත්ත පද්ධතිය ඔස්සේ ස්ථානමාරු අයදුම්පත්‍ර සඳහා නිර්දේශ ලබාදිය යුතු බව කාරුණිකව දන්වමි.
05. තව ද, අයදුම්පත් කැදවනු ලබන දින වන 2026.07.27 දින සිට සබරගමුව පළාත තුළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරු ක්‍රියාවලිය අත්හිටුවන ලබන අතර ස්ථාන මාරු මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කරන තුරු අභ්‍යන්තර ස්ථානමාරු සිදු නොකරන බව වැඩිදුරටත් දන්වමි.
ඩබ්.ඩී.එස්.රාජපක්ෂ,
ලේකම්,
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව. 2025/07/27
ස්ථාන මාරු නිවේදනය
සිප්තතු විදුහල්පති ස්ථාන මාරු පද්ධතියේ පරිශිලක මාර්ගෝපදේශය
Principal Transfer System Principal User Guide