wOHdmk mqj;a


Posted on 2022-01-07


ජාතික පාසල් 1000 පළාත් නිල උත්සවය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07/01/2022) ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මොනරාගල සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලය නිදහස් දහසක් සමාරම්භක උළෙල අද (07) ආරම්භ විය. ඊට සමගාමී ව, සබරගමුව රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, බස්නාහිර ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, උතුරේ කිලිනොච්චි පලෛ මධ්‍ය විද්‍යාලය, උතුරුමැද අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, වයඹ කුරුණෑගල ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මධ්‍යම මහනුවර පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, නැගෙනහිර ත්‍රිකුණාමලය මහදිවුල්වැව මහා විද්‍යාලය සහ දකුණේ මාතර පුහුල්වැව මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාල වල මෙදින (07) පැවැත්වී ය. “සෞභාග්‍යමත් අනාගතයක ගුණ රුව සුවද දැකීමට ඇති ශක්තිමත් ම ගමන් මාර්ගය අධ්‍යාපනය” යන තේමාව යටතේ ඒ සදහා මෙතෙක් පැවති ජාතික පාසල් 373 සීමාව පසුකරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් දහසක් ලෙස භෞතික සංවර්ධනය හා මානව සංවර්ධනය කර අපේ දුවා දරුවන්ට තිළිණ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මේ යටතේ ඇරඹී ය.
සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වූ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ නිල ලිපිය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියට පිරිනැමූ අතර එය අමාත්‍යවරිය විසින් විද්‍යාලයීය විදුහල්පති අතුල සිරිමෙවන් මහතා වෙත ප්‍රදානය කරනු ලැබී ය. රුපියල් ලක්ෂ 40ක මූල්‍ය පරිත්‍යාගයක් ද රජය මගි් මෙම විද්‍යාලයට පිරිනමා ඇත. මෙදින සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් විදුහල් භූමියේ ස්ථාපිත කළ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවෙල් මහතාගේ පිළිරුවක් ද නිරාවරණය කරන ලදී. ආණ්ඩුකාරවරයා විසින් විද්‍යාල භූමියේ පැල රෝපණය කිරීමට ද එක්විය.
මෙම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, අකිල සාලිය එල්ලාවල, ගාමිණී වලේබොඩ, මුදිතා ද සොයිසා, රාජිකා වික්‍රමසිංහ, හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඩී.සිසිර,අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නෙවිල් කුමාරගේ,රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, රත්නපුර කලාප අධ්‍යක්ෂ ශාන්ති විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.