ixj¾Ok mqj;a


Posted on 2021-02-08


සබරගමු සංවර්ධනය සඳහා 2021 වෙනුවෙන් රු.මි. 4533

සබරගමු පළාතේ සංවර්ධනය සඳහා සබරගමුව පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් 2021 වසර සඳහා රු.මි.4633 ක් වෙන් කොට ඇත. මේ සඳහා වූ සබරගමුව පළාත් සංවර්ධන සැලැස්ම එළිදැක්වී මේ උත්සවය 2021 පෙබරවාරි 08 වන දින රත්නපුර රත්නාලෝක හෝටල් පරිශ්‍රයේ දී සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානාත්වයෙන් සිදු විය. මෙහිදී අධ්‍යාපන, සංස්කෘතික හා පූර්ව ළමාවිය යන ක්ෂේත්‍ර වල සංවර්ධනය සඳහා පළාත් නිශ්චිත කාර්යය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ මිලියන 671 ක් ද, පළාත් උපමාන පාදක ප්‍රදාන වැඩසටහන යටතේ මිලියන 65 ක් ද, සමාන අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) සඳහා මිලියන 220 ක් ද වැය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සියලුම අමාත්‍යංශ ලේකම්වරු, සියලුම නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වූ අතර පළාත් අධ්යාසපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය, අධ්‍යක්ෂ (ක්‍රම්සම්පාදන ) නෙවිල් කුමාරගේ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම්සම්පාදන ) මිලිඳු රත්නායක මහතා සහභාගී වූ අතර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළාත් අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සැලසුම් එම්.ටී.එම්.අන්සාෆ් මහතා සහභාගී විය.