ixj¾Ok mqj;a


Posted on 2021-12-23


ඉවත දැමූ ඩෙස් පුටු යළි පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය

ඉවත දැමූ ඩෙස්පුටු පිළිසකර කර බලංගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 45 ක් රජයට ඉතිරි කරයි

සබරගමු පළාත් ආණ්ඩුකාරකුමාගේ සංකල්පයක් අනුව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක අබලන් ඩෙස් පුටු අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියට අදාල ව බලංගොඩ කලාපයෙන් පමණක් රුපියල් ලක්ෂ 45 ක පමණ වාර්ෂික ඉතිරියක් රජයට එක් කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (23) පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ බලංගොඩ කලාප කාර්යාලයේ අද (23/12/2021) පැවති උත්සවයක දී ය. මෙදින (23) මෙලෙස අළුත්වැඩියා කළ ඩෙස් පුටු බලංගොඩ කලාපයේ පාසල් වෙත බෙදා දීම ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිදුවිය.
බලංගොඩ කලාපයේ පාසල්වලින් භාවිතයෙන් ඉවත් කළ දරුවන්ගේ ඩෙස් පුටු, ගුරු මේස හා පුටු 1571ක් මෙම වර්ෂයේ පමණක් අළුත්වැඩියා කර යලි පාසල් පද්ධතිය වෙත භාර දී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45ක් පමණ වේ. මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයේ මේස, පුටු, පරිගණක පුටු ඇතුළු උපකරණ රැසක් ද මේ වන විට බලංගොඩ කලාප කාර්යාලය විසින් අළුත්වැඩියා කරන ලදී. ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ සංකල්පයක් වූ ගම සමග පිළිසදර වැඩසටහන යටතේ බලංගොඩ තෝර‍වෙලකන්ද විද්‍යාලය සදහා උපකරණ පරිත්‍යාග කිරීම ද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිදුවිය.
රජය මගින් ක්‍රියාත්මක ජාතික පාසල් 1000 වැඩසටහන යටතේ බලංගොඩ කලාපයේ ආරම්භ කළ ජාතික පාසල් 12 සදහා පෙරදිග හා බටහිර තූර්ය වාදන භාණ්ඩ බෙදා දීම ද මෙහිදී සිදුවිය. මීට අමතරව ෆොටෝකොපි යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර ඇතුළු කාර්යාල උපකරණ ද පාසල් සදහා ලබා දීම ද සිදුවිය. මේ සදහා රජය වැය කළ මුදල ලක්ෂ 150 කි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.ජී.ආරියපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.