සබරගමුව පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය (2024) සමගාමීව පවත්වනු ලබන චිත්‍ර සහ පොත් ප්‍රදර්ශනය අද(2024/12/16) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙය දින හතරක් (16,17,18,19) පැවැත්වෙන අතර, සබරගමුව පළාතේ සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර මෙම ප්‍රදර්ශනයට එක් කර ඇත. විවිධ ක්ෂේත්‍ර ගණනාවක ග්‍රන්ථ රාශියක් ද පොත් ප්‍රදර්ශනයට එක් කර ඇත.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.