1. Home
  2. News

mqj;a

Posted On: 2025-06-02

ජාතික පරිසර සතිය සහ ජගත් පරිසර දින සැමරුම

News Image

ජාතික පරිසර සතිය සැමරීමට සමගාමීව ජෛව විවිධත්ව සංරක්ෂණය තහවුරු කිරීම සදහා පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ දේශණයක් අද (2025/06/02) සබරගමු පළාත් සභා පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙහි සම්පත් දායකත්වය රත්න විද්‍යාවේදී,නව නිපැයුම්කරු,සම්මානිත ආචාර්යය,පරිසර හා පුරාවිද්‍යා ගවේශක,සොබා දහම හා සංස්කෘතිය සුරැකීමේ පදනමේ නිර්මාතෘ හා සභාපති කමල් අබේරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.