ksfõok


Posted on 2022-04-30


සියලුම නවක පත්වීම්ලාභී අධ්‍යාපනවේදී උපාධිධාරී හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී පත්වීම්ලාභීන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි


Update(2022-04-30)

සියලුම නවක පත්වීම්ලාභී අධ්‍යාපනවේදී උපාධිධාරී හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී පත්වීම්ලාභීන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි

සියලුම අධ්‍යාපනවේදී උපාධිධාරී හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී පත්වීම්ලාභීන් සදහා 2022.05.05 වන බ්‍රහස්පතින්දා දින සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට තිබූ දැනුවත් කිරීමේ වැඩසටහන නොවැලැක්විය හේතුවත් මත අවලංගු කිරීමට තීරණය කර ඇත.

Update(2022-04-25) : ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබාදීම - සබරගමුව පළාත

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා 2017/2019 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණිය සඳහා ගුරු පත්වීම් ලබාදීම වැඩසටහන යටතේ 2022.04.28 වන බ්‍රහස්පතින්දා දින සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන නොවැලැක්විය හේතුවත් මත අවලංගු කිරීමට තීරණය කර ඇත.

සියලුම පත්වීම්ලාභීන්ගේ පත්වීම් ලිපි ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කරනු ලැබේ.