ksfõok


Posted on 2020-12-02


සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති සියළුම අයදුම්කරුවන් වෙත කරනු ලබන විශේෂ දැණුම් දීමයි


සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති සියළුම අයදුම්කරුවන් වෙත කරනු ලබන විශේෂ දැණුම් දීමයි මෙම බඳවා ගැනීමට අදාලව සියළු සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් ස්ථානගත කිරීමට අදාල පුරප්පාඩු ලේඛනය www.moe.sg.gov.lk යන වෙබ් අඩවියේ පල කරනු ලබන බව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන අවස්ථාවේදී නිවේදනය කර ඇත. එසේ වුවත් කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙම පළාතේ පාසල් පාදක ගුරු තුලන ක්‍රියාවලිය මෙතෙක් අවසන් නොවී ඇති බැවින් ද, 2020/21 වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය තවදුරටත් සිදුකරමින් පවතින බැවින් ද පාසල් පාදක විෂයානුබද්ධ ගුරු පුරප්පාඩු ලේඛන මේ වන විටත් සකස් කරමින් පවතී. එබැවින් පූර්වයේදී දන්වා ඇති පරිදි අදාල පුරප්පාඩු ලේඛන සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී ප්‍රදර්ශණය කරනු නොලබන බවත්, කලාප අධ්‍යාපන අධ්‍යෂවරුන් විසින් ලබාදෙනු ලබන පාසල් පාදක විෂයානුබද්ධ ගුරු පුරප්පාඩු ලේඛන මත සහ වාර්ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩලය මගින් ස්ථාන මාරුවීම් සඳහා ලබාදෙනු ලබන නිර්දේශ මත පමණක් පදනම්ව දුෂ්කර හා අතිදුෂ්කර පාසල් සඳහා පත්වීම් ලබාදෙනු ලබන බවත් කාරුණිකව දන්වා සිටිමි.

ලේකම්,
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,
සබරගමුව පළාත් සභාව

2020.12.02