wOHdmk mqj;a


Posted on 2020-12-23


සබරගමු පළාත් උපාධීධාරීන් සහ ඉංග්‍රීසි දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ප්‍රදානය

සබරගමු පළාත් ගුරු සේවය සඳහා නවක ගුරු භවතුන් 917 දෙනකු වෙත පත්වීම් ප්‍රදානය කළ බව සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කලේය. ඒ මහතා මේ බව සඳහන් කලේ පසුගිය දා සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවති උපාධීධාරීන් සහ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් 917 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානයට එක්වෙමිනි.

ඒ අනුව කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය සමත් වූ 21 දෙනකු ද 2018.04.27 සහ 2019.03.31 යන දෙදින ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව මඟින් පවත් වන ලද විවෘත තරඟ විභාගයේ ඉහළම ලකුණු ලැබු 387 දෙනකු ද මෙම පත්වීම් ලාභීන් අතර වෙයි. එමෙන්ම 2020.08.28 වන දින අයදුම් පත් කැඳවු සියළුම දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සහ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් 251 ද සිංහල මාධ්‍ය උපාධිධාරීන් 285 දෙනකුද සෙසු අය වෙති.

ඒ අනුව ඉතිහාසය, දේශපාලන විද්යාීව, භූගෝල විද්‍යාව, බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ඨාචාරය, විද්‍යාව, ඉංග්‍රීසි, ජෛව පද්ධති තාක්ෂණය, ගණිතය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම් ආයෝජනය, ව්‍යාපාර අධ්‍යනය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උපදේශනය, සිංහල භාෂාව හා සාහිත්‍ය, චිත්‍ර කලාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය ක්ෂ්ත්‍ර සඳහා සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය බඳවා ගැනීමි සිදු කර ඇත.

පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය උපදෙස් මත සිදු කරනු ලැබු අතර මෙදින පෙරවරුවේ කෑගල්ල දිස්ත්රිගක්කයේ 250 දෙනකු වෙත ද පස්වරුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ 250දෙනකු වෙත ද සබරගමු ගරු ආණ්ඩුකාරවරර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පත්වීම් ප්‍රදානය කරන ලදි. සෙසු පත්වීම් ලිපි පත්වීම් ලාභීන් වෙත තැපැල් මාර්යෙන් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර ඇත. මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සියලුම අමාත්‍යංශ ලේකම්වරු, සියලුම නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු හා පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය, අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නෙවිල් කුමාරගේ මහතා,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා, ප්‍රධාන ගණකාධිකාරී එම්.සී.එම්.අලි මහතා, සහකාර ලේකම් රවීන්ද්‍රා මාලනී මිය,සහකාර ලේකම් මනෝරි ගුණවර්ධන මිය,නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක මයා,පරිපාලන නිලධාරී එච්.එල්.ගුණසේකර මිය ඇතුළු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හා පලාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.