wOHdmk mqj;a


Posted on 2022-01-03


සබරගමුව පළාත් සභාව නව වසරේ වැඩ අරඹයි

රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩ කරන රටක් සබරගමුව පළාත් සභාව ප්‍රතිඥා දී නව වසරේ වැඩ අරඹයි

රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩ කරන රටක් වෙනුවෙන්ස බරගමුව පළාත් සභාව ප්‍රතිඥා දී නව වසරේ වැඩ අරඹයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව වැඩ කරන රටක් ඇති කිරීම සඳහා සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී පළාත් සභා ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ සෙසු නිලධාරීන් අද (03/01/2022) ප්‍රතිඥා දෙනු ලැබීය. මෙහි දී එකම රටක් තුළ එක්සත්ව හා එක්සිත් ව විනය, නීතිය, ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සදහා ඍජු ව කටයුතු කරන බව ද මෙහි දී ප්‍රතිඥා දෙනු ලැබී ය. තිරසාර පරිසර කළමනාකරණය මුල් කොටගත් භෞතික සම්පත් සම්පාදනය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම සදහා මානව සම්පත හා නූතන කාක්ෂණය එක් කර කාර්යක්ෂම ව හා ඵලදායී ව භාවිතා කරන බව ද මෙහි දී දිවුරුම් දෙනු ලැබී ය. මෙහිදී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර රණවිරුවන් ඇතුළු රට වෙනුවෙන් දිවි කැප කළ සියළුම දෙනා සිහි කිරීම සඳහා සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ශාන්තිනී විජයරාජ,පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඩී.සිසිර යන මහත්ම මහත්මීන් ඇතුළු සබරගමුව පළාත් සභාවේ නිළධාරින් එක්ව සිටියහ.