wOHdmk mqj;a


Posted on 2022-01-12


පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරයි

සෞඛ්‍ය උපදෙස් මත සබරගමුවේ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරයි

සෞඛ්‍ය උපදෙස් මත සබරගමුව පළාතේ ආරම්භ කර ඇති පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (12/01/2022) එක්විය. ඒ අනුව, එදින (12) රත්නපුර නවනගරයේ පිහිටි රත්නපුර මහනගර සභාව යටතේ පාලනය වන පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිරීක්ෂණයට ලක්විය. කොවිඩ් 19 වසංගතය හමුවේ සබරගමුව පළාතේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවූ අතර, රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ. සබරගමුව පළාතේ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 1680ක් ක්‍රියාත්මක ය. එම මධ්‍යස්ථාන යටතේ දරු දැරියන් 30,000 එක් ව සිටිති. පාලිකාවන් 4000ක් ද මෙම මධ්‍යස්ථාන වල සේවය කරයි. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පුර්ව ළමාවිය සංවර්ධන අධිකාරියක් ක්‍රියාත්මක වන අතර එමගින් පළාතේ සියළු පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කරයි.
මෙම අවස්ථාවට රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඩී.සිසිර, පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන,පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.