wOHdmk mqj;a


Posted on 2022-01-19


තෛපොංගල් දින සැමරුම් සබරගමු පළාත් උත්සවය

තෛපොංගල් දිනය නිමිත්තෙන් සබරගමුව පළාත් සභාව සංවිධානය කළ සංස්කෘතික උළෙල අද (19/01/2022) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේ දී ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය. මෙම තෛපොංගල් සැමරුම් උළෙල වාර්ෂික ව සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යංශය මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබයි.
මෙහිදී හින්දු සංස්කෘතික අංග වලින් උත්සවය වර්ණවත් වී තිබූ අතර උත්සවය වෙනුවෙන් සිදු කරන සියලුම චාරිත්‍ර සිදු කරනු ලැබීය.මේ වෙනුවෙන් කීරගල දෙමළ විද්‍යාලය,හිදැල්ලන දෙමළ විද්‍යාලය,කහවත්ත ශ්‍රී ක්‍රිෂ්ණ විද්‍යාලය,රත්නපුර ශාන්ත ජොකින් විද්‍යාලය,රත්නපුර අල්මකියා විද්‍යාලය,නාවල දෙමළ විද්‍යාලය හා නව නගරය කුමර ජාතික පාසලේ සිසුන් එක්ව සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, සභා ලේකම් ඊ.කේ.ඒ. සුනීතා,පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.ඩී.සිසිර, කර්මාන්ත අමාත්‍ය ශයේ ලේකම් ඒ.එස්.ජේ.ගොඩැල්ලවත්ත,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ක්‍රමසම්පාදන පරාක්‍රම පියසේන ඇතුලු අමාත්‍ය ශ ලෙකම්වරු, දෙපාර්තුමේන්තු ප්‍රධානීන් හා ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
පළාත් අධ්‍යාපන අමාත්‍ය ශය වෙනුවෙන් අමාත්‍ය ශ ලේකම් එච්.ඩී.සිසිර, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,ප්‍රධාන ගණකාධිකාරී මොහොමඩ් අලි, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක,සහකාර ලේකම් මනෝරි ගුණවර්ධන ඇතුළු නිලධාරීන් හා පළාත් දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි,අතිරේක පළාත් අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන,රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශාන්ති විජේසි හ,සහකාර අධ්‍යක්ෂ එස්.මනෝහරන්,සහකාර අධ්‍යක්ෂ ජේසුපිල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.