wOHdmk mqj;a


Posted on 2021-02-23


සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නව වෙබ් අඩවි දෙකක් සයිබර් අවකාශයට මුදාහරියි

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවි දෙක සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සයිබර් අවකාශය වෙත පසුගියදා මුදාහරිනු ලැබීය. මෙම උත්සවය රත්නපුර පිහිටි සමුදි උත්සව ශාලාවේදී පැවැත්විණි. ඒ අනුව www.enanapiyasa.lk සහ www.semis.lk යන වෙබ් අඩවි දෙක මෙලෙස සයිබර් අවකාශයට මුදා හැරිණි. www.enanapiyasa.lk තුළින් පාසල් දරුවන් සඳහා 1 සිට 13 දක්වා පාසල් ඉගෙනුම් හැදෑරීමට හැකියාව පවතී.

www.smis.lk වෙබ් අඩවියට සබරගමුව පලාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ පද්ධතියට පළාතේ කළාප අධ්‍යක්ෂවරු, කොට්ඨාශ අධ්‍යක්ෂවරු, කාර්යාල නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසකගේ දත්ත රැසක් ඇතුළත් කර ඇත. එළඹෙන අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙරහුරුවක් ලෙස 2021 ජනවාරි සිට පෙරහුරු විභාග වලට මෙම වෙබ් අඩවිය පෙනී සිටීමට සිසුන්ට අවස්ථාව ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රම්සම්පාදන අධ්‍යක්ෂ කුමාරගේ,සහකාර ලේකම් රවීන්ද්‍රා මාලනී, අතිරේක පළාත් අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක් විය.