wOHdmk mqj;a


Posted on 2022-06-01


පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය

NVQ Level 04 පාඨමාලාව

රත්නපුර දිස්ත්‍රික්කයේ අ.පො.ස. උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරූ සිසුන්ට පැල තවාන් සංවර්ධන සහයක NVQ Level 04 වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන පසුගිය දා (2022/05/25) පැල්මඩුල්ල බොරාල පිහිටි පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ විය.පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඔවුන් ජාතික හා ජාත්‍යන්තර රැකියා අවස්ථාවන්ට යොමු කිරීමේ අරමුණින් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මගින් මෙම සය මාසික පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.

වත්මන් රජයේ රැකියා ලක්ෂය වැඩසටහන යටතේ ද පැල තවාන් සංවර්ධන සහයක NVQ Level 04 පාඨමාලාව හැදෑරූ සිසුන් 150 ක් පමණ පැල්මඩුල්ල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පුහුණුව අවසන් කර රැකියා සදහා යොමු කර ඇත.වර්තමාන රැකියා වෙළදපොල අවස්ථා ඉලක්ක කර ගනිමින් නව රැකියා සදහා තරුණ තරුණියන් යොමු කිරීමේ අරමුණින් NAITA රත්නපුර ආයතනය හා එක්ව පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වයෙන් නව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය සබරගමුව පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනයකි.