ixj¾Ok mqj;a


Posted on 2021-02-12


හාතාගොඩ සිරිවර්ධන විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

කෑගල්ල හාතාගොඩ සිරිවර්ධන බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකල නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (2021/02/12) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිසු අයිතියට පවරනු ලැබීය. මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වැය කළ මුළු මුදල රුපියල් ලක්ෂ 147 කි. පංති කාමර හතකින් සහ කාර්යාලයකින් මෙය සමන්විතය. වසර 100 කට පෙර ආරම්භ කළ හාතාගොඩ සිරිවර්ධන බෞද්ධ ප්‍රාථමික පසුව වසර 20 ක් පමණ වසා දමා තිබුණි. ඉන් අනතුරුව 2013 වර්ෂයේ දී යළි ආරම්භ කළ මෙම පාසලේ දරු දැරියන් 518 දෙනකු අධ්යාපනය හදාරන අතර ගුරු භවතුන් 18 දෙනෙක් සේවය කරයි. 1වසර සිට 05 වසර දක්වා මෙහි පංති පැවත්වේ. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රුක්මණී ආරියරත්න, අධ්‍යක්ෂ(ක්‍රම්සම්පාදන) නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් සහභාගී විය.