ixj¾Ok mqj;a


Posted on 2024-03-09


බෝධිරාජ විද්‍යාලයට සුහුරු ඉංග්‍රීසි පංති කාමරයක්

සබරගමුව පළාත් ආණ්ඩුකාරවර නිල මෙහෙවර යටතේ බෝධිරාජ කණිෂ්ඨ විද්‍යාලයේ නව ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය සිසු අයිතියට පත්කිරිම (2024/03/09) සිදුවිය.

මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් ඒකකය නවීනතම ලැප්ටොප් 40 ක් සහ SAMART BOARD එකකින් සමන්විතය . මේ සදහා සබරගමු පළාත් අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක GEM ව්‍යාපෘතිය යටතේ මිලියන 23 කට අධික මුදලක් දරා ඇත.

මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ ,පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල ,සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය ,අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චි , කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ නියෝජිතයන්,දෙමාපියන් ඇතුළු තවත් පිරිසක් සහභාගි විය.