විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම
Dec 2, 2020
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම
පහත සදහන් කොන්දේසි වලට අදාළව දැනට පුරප්පාඩු පවතින පාසල් වල ( අමුණා ඇත ) විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවීමට අදාළ තොරතුරු පහත සඳහන් පරිදි වේ.
02.ඵ් අනුව දැනට පුරප්පාඩු වී ඇති ඉහත සදහන් තනතුර සඳහා සුදුසුකම් ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, 2020.12.31 දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 වන පන්තියේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. මෙම තනතුරු සඳහා 1 වන පන්තියේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් කර නොමැති වුවහොත් පමණක් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ නිලධාරීන්ද සම්මුඛ පරීක්ෂණයට කැඳවා සුදුසුකම් පරීක්ෂා කර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන බැවින්, 2 වන පන්තියේ නිලධාරීන්ටද මේ සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කල හැකිය.
03.අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර දැනට සේවය කරන අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය සහිතව 2020.12.10 දිනට පෙර ලේකම්, අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සබරගමුව පළාත් සභාව , නවනගරය , රත්නපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත්‍ර බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි , ඉල්ලුම් කරන විද්‍යාලයේ නම සහ තනතුර සදහන් කල යුතුය.
04.අයදුම්පත්‍ර ලැබීමෙන් පසුව පැවැත්වෙන විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් ලකුණු ලබාදීමෙන් අනතුරුව සුදුසු අය තෝරා පත් කර ගැනීමට කටයුතු කරනු ලැබේ. අදාල අයදුම්පත්‍රය සහ ලකුණු ලබා දීම පිළිබඳ විස්තර www.moe.sg.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
05.මෙම අයදුම්පත්‍රය , ඊට අදාළ කොන්දේසි සහ විදුහල්පති පුරප්පාඩු ලේඛනය ඔබ කලාපයේ / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන මෙන් තවදුරටත් කාරුණිකව දන්වා සිටිමි.
.
.
ඒ.ඩබ්.රුක්මණී ආරියරත්න,
ලේකම්,
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව
2020 – 11 – 20
Special Notices
Special Links