
උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය – 2020

අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
සබරගමුව පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය – 2020
උක්ත කරුණට යටතේ 2018.04.27 දින පැවති තරඟ විභාගයට, 2019.03.31 දින පැවති තරඟ විභාගයට හා 2020.08.28 දිනැති අයදුම්පත් කැඳවීමට අදාලව මෙම සම්මුඛ පරීක්ෂණය 2020.12.04 දින සිට 2020.12.11 දින දක්වා පැවත්වීමට කටයුතු යොදා ඇත.
සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති සෑම අයදුම්කරුවෙකුම නියමිත දින නියමිත වේලාවටම පමණක් පැමිණිය යුතු අතර, අත්‍යවශ්‍යම හේතුවක් මත හැර වෙනත් කිසිදු අයෙකු අදාල අයදුම්කරු සමග නොපැමිණිය යුතු වේ.
එමෙන්ම සහභාගී වන සෑම අයදුම්කරුවෙකුම දැනට දිවයින පුරා පැතිරී ඇති කොවිඩ් 19 වසංගත තත්වය විශේෂයෙන් සැලකිල්ලට ගෙන අදාල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් මේ සඳහා සහභාගී විය යුතුය.
තවද, කොවිඩි 19 වසංගතයේ ඉදිරි හැසිරීම මත යම් හෙයකින් මෙම සම්මුඛ පරීක්ෂණ දිනයන් සංශෝධනය කිරීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවිය ඔස්සේ සහ සෙසු විද්‍යුත්/සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කෙරෙනු ඇත.
අදාල පුරප්පාඩු ලේඛණ, ඉදිරියේදී මෙම වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ.
. 2018.04.27 තරඟ විභාගය – නාම ලේඛණය
. 2019.03.31 තරඟ විභාගය – නාම ලේඛණය
. 2020.08.28 දිනැති ඇයදුම් කැඳවීම – නාම ලේඛණය
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
2020.11.23